කොල්ලන්ට හරියටම ගැලපෙන ඇඳුම් තෝරාගන්න හැටි
ඇඳුමක් අඳිද්දී ගැලපෙන්න ඇන්දේ නැත්නම් ඒ ඇඳුම කොයි තරම් ලස්සන වුනත් විලාසිතාව මොන තරම් අලුත් වුනත් ඔබේ පෙනුම තිබෙනවාටත් වඩා විකෘති වෙනවා. මේ නිසා තමයි විලාසිතාවක් වුනත් අලුත් වුනු පලියට ප්රසිද්ධ වුනු පලියට ඔබට ගැලපෙන්නේ නැත්නම් කරන්න එපා කියන්නේ.
දැන් ගැහැණු ළමයි වගේම පිරිමි අය අතරත් විලාසිතා රැල්ලක් තිබෙනවා. තමන්ගේ පෞරුෂය වැදගත්කම පෙන්වන්න පුළුවන් විදියේ ඇඳුම් අඳින්න කොල්ලෝ හරි කැමතියි. හැබැයි ඔබ මිලදී ගන්නා ඇඳුම ඔබේ ප්රමාණයට ඔබේ ශරීරයේ හැඩයට හරියටම ගැලපෙනවාද කියලා ඔබ දැනගන්න ඕනේ.
අපි අද ඔබට පෙන්වන්නට යන්නේ ඔබ අඳින කලිසම , ෂර්ට් එක , පිට කබාය වගේ මූලිකම දේවල් ඔබේ සිරුරට හරියටම ගැලපෙනවාද කියලා බලාගන්න හැටි.
මේ පින්තුර වලින් ඔබට පෙන්වන්නේ එසේ ඔබට ගැලපෙන ඇඳුම ඇන්දාම සහ නොගැලපෙනවා නම් එවිට ඇඳුම දිස් වන ආකාරයයි.
No comments:
Post a Comment